facebook

ඊයේ සිදු කළ ත්‍රීරෝද රථ මෙහෙයුම

පසුගිය පැය 24 තුළ නිරෝධායන නීති කඩකල පුද්ගලයන් 686 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ අනුව මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති මුළු සංඛ්‍යාව 14,179කි.
ඊයේ දිනයේ බස්නාහිර පළාත තුළ ත්‍රීරෝද රථවලින් ගමන් කළ පුද්ගලයින් සම්බන්ධ විශේෂ මෙහෙයුමක් සිදුකළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
එහිදී පුද්ගලයින් 5,801ක් පරීක්ෂා කර තිබූ අතර සංචරණ සීමා උල්ලංඝනය කරමින් කටයුතු කළ ත්‍රීරෝද රථ 42ක් පොලිස් භාරයට ගෙන තිබේ. 
එම රථවල ගමන් කළ පුද්ගලයින් 52ක් අත්අඩංගුවට ගෙන ඇත.
මේ අතර ලිහිල් කෙරුණු සංචරණ සීමා ඊයේ රාත්‍රී 11.00 සිට දිවයින පුරා යළි ක්‍රියාත්මක කර තිබේ.
එය ලබන 31 වන දින අලුයම 4.00 දක්වා අඛණ්ඩව ක්‍රියාත්මකය.
ඒ අනුව අද දිනයේත් දිවයින පුරා නිරෝධායන රීතීන් කඩ කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
මේ අතර ඊයේ දිනයේ මාරක රිය අනතුරු 6ක් සිදුව ඇති අතර ඉන් පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් තිබූ බවද අජිත් රෝහණ මහතා පැවසීය.

Post a Comment

0 Comments